ප්‍රමුඛ පුවත 1

පතාලයට සම්බන්ධ අරුණි බබා සහ තෙල් චූටි අත්අඩංගුවට ගත් හැටි

(UTV| කොළඹ) – කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමගින් මට්ටක්කලියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටින මට්ටක්කුලිය කුඩු රොෂාන් නැමැත්තාගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කුඩු රොෂාන්ගේ බිරිඳ වන විජේසිංහ ආරච්චිගේ නිරෝෂනී හෙවත් 30 හැවිරිදි “අරුණි බබා” සහ සාලින්ද ධර්මසිරි හෙවත් 46 හැවිරිදි “තෙල් චූටි” යන යන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අරුණි බබා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 10 ක් ද සොයාගෙන තිබේ.

කුඩු රොෂාන් බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවයි.

ඔහුගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකරනු ලබන්නේ ඔහුගේ බිරිද වන අරුණි බබා විසිනි.

අත්අඩංගුවට ගත් අරුණි බබාට සහ තෙල් චූටිට අයත් බව කියන රාගම සහ කඩවත යන ප්‍රදේශවල කුලී නිවාස දෙකක් පිළිබඳ ද තොරතුරු අනාවරණ වී ඇති බව පොලිසිය පැවසීය.

එම නිවාස පොලිස් විශේෂ බලකාය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී තෙල් චූටිට අයත් බව කියන නිවසක තිබී හෙරොයින්, අයිස් යන මත්ද්‍රව්‍ය මෙන්ම මුදලින් රුපියල් ලක්ෂ 7 කට අධික මුදලක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඒ 9 මාර්ගයේ රිය අනතුරකින් සිසුන් 03ක් මරුට – ප්‍රදේශවාසීන් උණුසුම් වෙයි

Mohamed Dilsad

රාජිත බන්ධනගාර රෝහල වෙත

Mohamed Dilsad

ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment