ක්‍රීඩා

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ අවසන් දිනය අද

(උදයම්,ගාල්ල)  – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමුවන ටෙස්ට් තරඟයේ අද අවසන් දිනයයි.

ඊයේ තරඟය අවසන් වන විට ලකුණු 457ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශය කිසිවෙකු නොදැවී ලකුණු 67ක් ලබා සිටියේය.

පළමු ඉනිමේදී ලකුණු 494ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ඊයේ අත්හිට වුයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා සිටියදිය.

කඩුලු 10ක් අතැතිව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශයට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 390ක් ලබා ගත යුතු වනවා.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය වන්නැයි අර්ජුනට නාමල්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්ථාන සංචිතය ප්‍රකාශයට

Mohamed Dilsad

ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

Mohamed Dilsad

Leave a Comment