ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද(14) පෙරවරුවේ ඔහු කොළඹ 4 මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණි.

ඊයේ(13) පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයේදි කළහකාරි ලෙස හැසුරීමේ චෝදනා මත මහිල් බණ්ඩාර දෙහිදෙණිය අත්අඩංගුවට ගැනිණ.

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ මෙම විරෝධතාව සංවිධානය කර තිබිණ.

එහිදී උද්ඝෝෂකවරුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුලුගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

Mohamed Dilsad

මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment