කලාවිදෙස්

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

(UTV| කොළඹ) – ෆෙරාරි සහ ලැම්බෝගිනි පරදවා නිපදවන ලද ‘පිනින්ෆරිනා බැටිස්ටා’ නම් රථය වඩාත් ජවසම්පන්නතම මෝටර් රථය ලෙස පසුගිය දා ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදී එළිදැක්වූවේය.

මෙය මුළුමනින් ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වීම මෙහි විශේෂත්වය බව ඔටෝමොබිලී පිනින්ෆරීනා ප්‍රධාන විධායක මයිකල් පර්ශ්කේ පවසයි.

මෙහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වේ.

එම රථයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ තත්පර දෙකකට අඩු කාලයකදී වේගය පැයට සැතපුම් 62ක් දක්වා වේගය වැඩි කර ගත හැකි වීම සහ තත්පර 12කට අඩු කාලයකදී උපරිම වේගය පැයට සැතපුම් 186ක් දක්වා වැඩි කර ගත හැකි වීමයි.

උපරිම වේගය පැයට සැතපුම් 250 ඉක්මවා යා හැකි අතර බැටරිය එක් වරක් ආරෝපණය (charge) කිරීමෙන් පසු මෙම මෝටර් රථයට සැතපුම් 280ක දුර යාහැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළි කුණාටුවකින් ඉතාලියේ දෛනික කටයුතු අඩාලයි

Mohamed Dilsad

මාලි රාජ්‍යයේ රිය අනතුරකින් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment