ප්‍රමුඛ පුවත 1

ජනපති කොළඹ ජාතික රෝහලට

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.

ඒ පසුගියදා රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර ගේ සුවදුක් විමසීම සඳහාය.

එහිදී ජනාධිපතිවරයා අනතුරට ලක්ව සිටින පොලිස් නිලධාරියාගේ පුත් අශාන් සරත්චන්ද්‍ර සමඟද කතා බහක නිරතවී තිබේ.

පසුගිය මස 24 වනදා ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර මෙම අනතුරට ලක්විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් එය පැදවූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය පාළක මැදිරියෙන් මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

Mohamed Dilsad

Leave a Comment