විදෙස්

ඇලබාමාහි ටොනාඩෝවකින් 14 ක් ජිවිතක්ෂයට.

(UTV| ඇලබාමා) – ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්වය හේතුවෙන් මියගිය අය අතර දරුවන් කිහිපදෙනකු සිටින අතර බරපතල තුවාල ලබා කිහිපදෙනකු රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබූ කිහිපදෙනකු රෝහල් ගතකර ඇති බවද බලධාරීහු පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව කාළගුණික අංශ අනතුරු අඟවා ඇත.

එම ප්‍රදේශයේ සියලුම පාසැල් සඳුදා දිනයේ වසා තබන බව නිවේදනය කර ඇති අතර රජයේ කාර්යාල බොහොමයක් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ප්‍රතිකාර සඳහා හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට ප්‍රභල භූමි කම්පාවක්

Mohamed Dilsad

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment