ප්‍රමුඛ පුවත 1

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පරිපාලන ගොඩනැගිලි 02 ක් විවෘත කෙරේ.

(UTV| කොළඹ) – “ළඟම පාසල හොඳම පාසල” යන සංකල්පය යටතේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ඉදිකර ඇති පාසල් පරිපාලන ගොඩනැගිලි 200ක් අද දින පාසල් පද්ධතියට එකතු කරන ලදී.

එම වැඩසටහන යටතේ හාරිස්පත්තුව ආසනයේ පාසල් පරිපාලන ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 48ක් වෙන් කර තිබුණි. මෙලෙස ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති එම ගොඩනැගිලි අද දින (01) තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය *එම්.එච්.ඒ අබ්දුල් හලීම්* මැතිතුමන් විසින් සිසු අයිතියට පත් කරන ලදී.

මෙලෙස අද දින *එම්.එච්.ඒ අබ්දුල් හලීම්* මැතිතුමන් විසින් සිසු අයිතියට පත් කර ඇත්තේ රුපියල් මිලියන 30ක වියදමින් පූජාපිටිය ජාතික පාසල සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල සහ රුපියල් මිලියන 18ක වියදමින් දොළපිහිල්ල මධ්‍ය මහ විදුහල සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ලයි.

මෙම අවස්ථාව සඳහා ඉහත විදුහල්වල විදුහල්පති වරුන්, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් එම්.ඩබ්ලිව්.එම්.එම්. මඩහපොල මහත්මිය,කටුගස්තොට අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් ඇතුළු නිලධාරින්, පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකතුමන් වන රම්සාන් මැතිතුමා හා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකතුමන් වන ලලිත් රනරාජා මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , සිසු දරුවන් හා දෙමාපියන්ද සහභාගීවූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

පළමු ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

Mohamed Dilsad

බාධක මැදින් ජයග්‍රහණය කරා යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි

Mohamed Dilsad

Leave a Comment