ප්‍රමුඛ පුවත 1

විමල්ට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පොලීසිය විසින් ගොනු කර ඇති නඩුව මැයි 13 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කර ඇත.

ඒ මෙම නඩුව අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

Related posts

2019 අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට සරුංගල් යවන්නන් හට දඩුවම්

Mohamed Dilsad

Leave a Comment