ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැබී නෑ – කතානායක

(UTV| කොළඹ) – නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින්  මේ දක්වාත් තමාට ලිඛිතව බාරදී නොමැති බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු කටයුතු ආරම්භයේදී සිය නිවේදන ප්‍රකාශ කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළ කොකේන් ඇතුළු නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් සිටින බවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරිමට ඊයේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම කමිටුවක් ද පත් කරනු ලැබීය.

විමර්ශනයට අදාළව හෙට(22) පෙරවරු 09.30ට එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම්දීමක් සිදු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක් දිවයින පුරා

Mohamed Dilsad

දුම්රිය පීලිපැනීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

සහල් පාලන මිල පිලිබඳ සැකයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment