ක්‍රීඩා

ලෝක කුසලානයට කණ්ඩායමේ නායකත්වය ගැන මෙල්ගෙන් ඉඟියක්.

(UTV| කොළඹ) – දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කරනු ලබන්නේ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට යන නායකයාව බව ශ්‍රී ලංකා තේරිම් කමීටුවේ සභාපති අසන්ත ද මෙල් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

‘‘ලසිත් මාලිංගව අපි නායකත්වයට පත් කළේ නවසීලන්ත සංචාරයට විතරයි. ලෝක කුසලාන තරගාවලියේදී කවුද නායකයා කියන එක දැන්ම තෝරන්න ඕන. දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කරන්නේ ලෝක කුසලාන යන නායකයාවම තමයි. ඒ වගේම අපි දැනට ක‍්‍රීඩකයන් විස්සක් විතර බලලා තියෙනවා. ඒ අතරින් 17 ක් විතර දකුණු අප‍්‍රිකානු සංචාරයට යවන්න බලාපොරොත්තු වෙනවා.’’

‘‘අපි එක්දින නායකත්වය වෙනස් කරනවා. නමුත් කාවද තවම දාන්නෙ කියලා ස්ථිර කරලා නැහැ. ඉදිරියේදී අපි හොඳට සාකච්ඡා කරලා තමයි නායකයාව තෝරන්නෙ. කොහොම හරි අපි තෝරන නායකයා සමග හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. අපි නායකයකු පත්කරලා ඒක හැමෝටම දැඩිව කියනවා. කණ්ඩායමේ එකමුතුකම තියාගන්න පුළුවන් කෙනෙක්ව තමයි අපි පත්කරන්නෙ. පසුගිය කාලයේ නායකයාට අවශ්‍ය පරිදි වැඩ කිරීමට අවස්ථාව හිමිනොවුණ බවත් ක‍්‍රීඩකයන් චෝදනා කරනවා.’’

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චමරි අතපත්තු ක‍්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වේ..?

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලානයේ ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

ICC සභාපති ධූරයට ඉන්දීයාව යළි තරඟ වදී

Mohamed Dilsad

Leave a Comment