ක්‍රීඩා

පකිස්තානය ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට ඇඟිල්ල දිගු කරයි

(UTV|ඉන්දියාව) – ඕස්ටේ‍්‍රලියාවට එරෙහි තෙවන එක්දින ක‍්‍රිකට් තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයින් හමුදා හිස්වැසුමක් පැළඳ ක‍්‍රීඩා කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය චෝදනා කරයි.

පාකිස්තානය පවසන්නේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ICCය සමඟ දැඩිව කටයුතු කරන බවද පාකිස්තාන ක‍්‍රිකට් සභාපති ඒෂාන් මානි පවසා තිබේ.

නමුත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් පවසන්නේ පසුගියදා පුල්වාමාහි දී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙනුවෙන් පිහිටවූ අරමුදලකට දායක වීම මෙහි අරමුණ වූ බවයි.

පසුගියදා එල්ලවූ මෙම  ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම් තත්වයක් හට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් රග්බි වසන්තය 14 ඇරඹෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොරෝනා

Mohamed Dilsad

පන්දු යවන්නන්ගේ පුහුණුවීම් සඳහා ක්‍රිකට් කවුන්සිලයෙන් නිර්දේශ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment