ප්‍රමුඛ පුවත 1

මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.

(UTV| කොළඹ) – වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානයේ ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කිරීමට අද (05) නියෝග කරනු ලැබීය.

අදාළ සිදුවීම වූ ස්ථානයට ගිය අත්තනගල්ල මහෙස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය එහි මූලික පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කළාය.

මීට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය එහිදී වේයන්ගොඩ පොලීසියට නියෝග කරනු ලැබීය.

ඊයේ (04) සවස මෙම අනතුර සිදු වී මව රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගිය අතර බරපතල තුවාල ලැබූ දියණිය අද (05) මිය ගියාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කොටුව – බදුල්ල නව නගරාන්තර දුම්රිය සේවයක්

Mohamed Dilsad

පාඨලී අත්අඩංගුවට ගැනීම නීති විරෝධී – රනිල් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment