ප්‍රමුඛ පුවත 1

අනවසර සංක්‍රමිකයන්ට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් බෝට්ටු…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සමුද්‍රාරක්ෂක හැකියාව වැඩි දියුණු කිරීම පිණිස විශේෂ බෝට්ටු තුනක් ප්‍රදානය කළ බව ඔස්ට්‍රේලියාව පවසයි.

ඒ ඔස්ට්‍රේලියාවේ එවක අගමැති මැල්කම් ටර්න්බුල්ගේ 2017 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයේදී කළ ප්‍රතිඥාවකට අනුවය.

අධිවේගී බෝට්ටු තුන ප්‍රදානය කිරීම මගින් සිය සමුද්‍ර සීමා ආරක්ෂා කිරීමට දෙරටේ කැපවීම පිළිබිඹු කෙරෙන බව කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්රූස් හචිසන් (Bryce Hutchesson) පැවසීය.

විශේෂයෙන්ම අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරමට වැට බැඳීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමෙහිලා දෙරට අතර දීර්ඝ ඉතිහාසයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකා සමුද්‍රාරක්ෂක සේවාවල මෙහෙයුම් හැකියාව තවදුරටත් වර්ධනය කිරීම දෙරටේම යහපත පිණිස වේ.” යනුවෙන් ඔහු පවසා තිබේ.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශිකා ටාරා කැවානා (Tara Cavanagh) කියා සිටියේ, නීති විරෝධී සංක්‍රමණිකයන්ට වැට බැඳීම පිණිස ශ්‍රී ලංකාවේ සමුද්‍රාරක්ෂක සේවා කළ කාර්ය භාරය එමගින් අගය කිරීමට ලක් කරන ලද බවය.

“බහු සංස්කෘතික රාජ්‍යයක් ලෙස ඔස්ට්‍රේලියාවේ සෞභාග්‍යය සහ සාර්ථකත්වය රඳා පවතින්නේ සුරක්ෂිත සහ නිසි පරිදි කළමනාකරණය කරන ලද දේශසීමා මතය,” යනුවෙන් ද ඇය සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්

Mohamed Dilsad

ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට කරුණු පහදයි

Mohamed Dilsad

Leave a Comment