ප්‍රමුඛ පුවත 1

කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) ප.ව 4.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 34 වන වරට වන අතර, සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් කලාකරුවන් දෙසිය දෙනෙක් මෙහි දී උපහාර ලබති.

ජනශ්‍රැති, නර්තන, රූපවාහිනී, සාහිත්‍ය, දෘශ්‍ය කලා, නාට්‍ය, ඡායාරූප, සංගීත, ගුවන්විදුලි යන ක්ෂේත්‍ර යටතේ මෙකී සම්මාන පිරිනැමීම සිදු කෙරේ.

ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මීට එක්වීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අගමැති සමඟ සකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

එජාපයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට රැස්වීමක් [VIDEO]

Mohamed Dilsad

දුම්රිය වර්ජනයෙන් තැපැල් ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment