ප්‍රමුඛ පුවත 1

IMF නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී දිවයිනට

(UTV| කොළඹ) – IMF ණය වැඩසටහන් යළි මෙරටට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිතය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ එම කණ්ඩායම පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණෙන බව තහවුරු කර ඇති බවයි.

වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර හා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් IMF කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලගාඩ් මහත්මිය සඳහන් කළේ, ලබන මස මැදදී සිය නියෝජිත පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් හමුවීම පිළිබඳව රවුෆ් හකීම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ජනපති ඇමෙරිකාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment