ප්‍රමුඛ පුවත 1

ඩොලර් මිලියනයේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක්

(UTV|මහනුවර) – ඩොලර් මිලියනයක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් සමඟ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

එම ව්‍යාජ මුදල් නෝට්ටු වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී මෙම සැකකරුවන් 18 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (13)  මහනුවර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පිටිය ප්‍රදේශයේදීය.

පසුව ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකරුවන් ත්‍රිකුණාමලය, පුත්තලම, කන්තලේ, ඇල්පිටිය, කොළඹ, රාගම, ගනේමුල්ල සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර  ඔවුන් කණ්ඩායම් 03 ක් ලෙස සංවිධාන වෙමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට පරීක්ෂනවලදී හෙළිවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටස් වෙළඳ පොළ වර්ධනයක්

Mohamed Dilsad

බීමත්ව ඡන්ද පොළට ගියොත් නීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

අලි රොෂාන් ඇතුළු 8ක් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment