ප්‍රමුඛ පුවත 1

අද සිට 17 තෙක් වසා තැබෙන පාසැල්

(UTV| කොළඹ) –  පාසල් 4 ක් අද සිට 17 වැනි දින දක්වා වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහාය.

ඒ අනුව කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් අද සිට වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

ඇගයීම් මධ්‍යස්ථාන සඳහා තවත් පාසල් 21ක් යොදා ගන්නා අතර එම පාසල්වල කොටසක් පමණක් යොදාගනිමින් ඇගයීම් කටයුතු සිදු කෙරෙනු ඇත.

ඇගයීම් මණ්ඩල 257කට අනුයුක්තව පරීක්ෂකවරු 3500ක් පමණ මෙවර ඇගයීම් කටයුතු සිදු කරනු ඇත.

15 වන දාට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් දෙමළ මාධ්‍ය ඇගයීම් මණ්ඩල සඳහා නිවාඩු ලබා දී ඇති බවද විභාග කොමසාරි ජනරාල්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන වසරේ සිට නව උපාධි පාඨමාලා

Mohamed Dilsad

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

රටේ වත්මන් තත්ත්වය හමුවේ දුම්රිය, ලංගම, තෙල් අදායම පහතට.

Mohamed Dilsad

Leave a Comment