ප්‍රමුඛ පුවත 1

පාසල් පරික්ෂාවට සුපරීක්ෂණ මණ්ඩලයක්.

(UTV| කොළඹ) – පෞද්ගලික පාසල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (7) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මේ බව ප්‍රකාශ කළේය.

අද වන විට ලංකාවේ අනුමත වූ පෞද්ගලික පාසල් 80ක් පමණ තිබෙන අතර , දිවියිනේ විවිධ ප්‍රදේශ වල ජාත්‍යන්තර පාසල් 300ක් පමණ පිහිටුවා ඇත.

මෙම ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමට මේ වන විටත් ස්වාධීන කමිටුවක් පිහිටුවා ඇත.

ඉදිරියේදී ඒ සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන්ගේ සුදුසුකම්, පාසලේ ඉඩ ප්‍රමාණය ආදී සෑම කරුණක්ම අධීක්ෂණය කිරීම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

ස්ලෝවේකියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ සඳහා අවශ්‍ය රබර් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment