ප්‍රමුඛ පුවත 1

උපරිමාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය

(UTV| කොළඹ) –  ඇතිව තිබෙන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නම සඳහා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(17) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්විය.

ඒ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊට අමතරව ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – (සාමාජික) ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා – (සාමාජික) ,ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය – (සාමාජිකා) ,පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා – (සාමාජික) ,ජයන්ත දනපාල මහතා – (සාමාජික) ,නාගානන්ද සෙල්වකුමාරන් මහතා – (සාමාජික ) ,ජාවේඩ් යුසුෆ් මහතා – (සාමාජික) සහභාගී වුහ.

මෙහිදී පුරප්පාඩු වී පවතින උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කර තිබූ නිර්දේශයන් පිළිබඳවය.

ඒඅනුව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

මීට අමතරව පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනාධිපතිවරයා විසින් මීට  පෙර නිර්දේශ කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන්ද අද යලි තහවුරු කර තිබේ.

ඒ අනූව ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර 04 ක් සඳහා (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර 03ක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධුරයක්) නව පත්වීම් සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අරුවක්කාලු කසල විරෝධතා වලට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

ෆවුසිව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

Mohamed Dilsad

ඉන්දන මිල සුත්‍රය මින් ඉදිරියට නෑ – ඩලස් අලහප්පෙරුම

Mohamed Dilsad

Leave a Comment