ප්‍රමුඛ පුවත 1

ස්ලෝවේකියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ සඳහා අවශ්‍ය රබර් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන්න සුදානම්

(UTV| කොළඹ) – ස්ලෝවේකියානු උප අගමැති සහ මුදල් අමාත්‍ය පීටර් කසීමර් මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් ඊයේ (28) කොළඹ, වොක්ෂෝල් වීදිය සතොස මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍යාංශයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහිදී දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරෙණි. මෝටර් රථ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා බවට පත්ව සිටින ස්ලෝවේකියාව මෝටර්ථ නිෂ්පාදනය කිරීමේ දී අවශ්‍යවන රබර් සඳහා ශ්‍රී ලංකාවේ රබර් යොදා ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙණි.

දැනට ස්ලෝවේකියාව විසින් නිෂ්පාදනය කරන, මෝටර් රථ සඳහා අවශ්‍ය රබර් අප්‍රිකානු හා අග්නිදිග ආසියානු රටවලින් ලබා ගන්නා බවත් උප අගමැතිවරයා පැවසීය.

ස්ලෝවේකියාව විසින් වොක්ස්වැගන්, කියා, පර්ජෝ වැනි වාහන නිෂ්පාදනය කරති. එරට සමස්ත කාර්මික නිෂ්පාදනයෙන් 44%ක් ම මෝටර් රථ වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/with-slowekiya-deputy-priminister-01-utv-news.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/with-slowekiya-deputy-priminister-02-utv-news.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/with-slowekiya-deputy-priminister-03-utv-news.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

TNA නායකයින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකචාඡාවකට සුදානම්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment