ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට අට වසරක සිර දඬුවම්

(UTV| කොළඹ) – අල්ලස් චෝදනා එල්ලවූ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 08 සිර දඬුවමක් නියම කළේය.

රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 3000 ක අල්ලසක් ගැනීම ඔහුට එරෙහිව තිබු චෝදනාවයි.

2014 වසරේ මැයි මස 22 වැනි දින මෙම අල්ලස ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා 04 ක් යටතේ අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ගොනු කළ නඩුවක තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා එම නියෝග නිකුත් කළේය.

මෙලෙස අට වසරක සිර දඬුවම නියම කෙරුනේ ගිරිදුරුකෝට්ටේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානිගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයි

Mohamed Dilsad

Leave a Comment