Trending News

ජනපති ඉන්දුනීසියාව බලා පිටත්වෙයි

(උදයම්,කොළඹ)  – ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස ඉන්දුනිසියාව බලා පිටත්ව යති.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මකවන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ 20 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

“ඉන්දියානු සාගරය සාමකාමී” ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම, යන තේමාව යටතේ රාජ්‍ය නායක සමුළුව මාර්තු 07 වනදා ජකර්තා නුවරදී ආරම්භ කෙරෙන අතර එදින පෙරවරුවේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සමුළුව ඇමතීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනිසියාව අතර ධීවර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ගිවිසුම් 02 කට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දුනිසියා ජනාධිපති න‍දනද අසාදාද මහතා අතර නිල හමුව 08 වනදා පෙරවරුවේ මර්ඩෙකා පැලස් හි දී සිදු කෙරේ.

Related posts

ஸ்ரீ.சு.கட்சியின் விஷேட மத்திய செயற்குழுக் கூட்டம் இன்று

Mohamed Dilsad

35 மில்லியன் ரூபா பெறுமதியான கொக்கைன் பறிமுதல்

Mohamed Dilsad

பிரபல சிங்கள நடிகர் விபத்தில் பலி

Mohamed Dilsad

Leave a Comment