Trending News

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිවක හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඇමති රිෂාඩ් කියයි

(උදයම්,කොළඹ) – එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව කාලයේ දී සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිවක හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් සහල් මිල තව දුරටත් අඩුකළ හැකි බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

සහල් තොග ඕනෑ තරම් සතොස ගබඩවල ඇති බැවින් ලක් සතොස මගින් පාලන මිලටත් රුපියල් තුනක් අඩුවෙන් සහල් විකුණන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී දේශීය වී තොග ලැබෙන බැවින් තවදුරටත් සහල් මිල අඩුකළ හැකි බවයි.

ගත වූ සති දෙකක කාලයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් වැටලීම් 824 දී දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන 2400ට වැඩි ප්‍රමාණක් පරීක්ෂාවට ලක්කර සහල් වැඩි මිලට විකුණූ ස්ථාන පාරිභෝගික නියාමනයන් කඩ කළ ස්ථාන 1300ක් හමුවූ බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. මේ අතර වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 553කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබිය දී සහල් වැඩි මිලට විකුණන ස්ථාන හා සහල් සඟවා තබා ගන්නා ස්ථාන වැටලීම් ආරම්භ කළ බවත් තරාතිරම නොබලා එවැනි වරද කරන සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා කීවේය. ඇතැම් දුර බැහැර ගම්මානවල සහල් වැඩි මිලට විකුණන බවට තොරතුරු ලැබී ඇති බැවින් ගම්මටමින් ද වැටලීම් සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.‘‘සහල් මිල පාලන කරන්න රජයක් ලෙස අපිට හැකියාව ලැබුණා. දැන් සහල් ඕනෑ තරම් වෙළෙඳ පොළේ තිබෙනවා. ඇතැම් සිල්ලර වෙළෙන්දන් කියනවා තොග වෙළෙන්දන් තමන්ට සාධාරණ මුදලකට හාල් දෙන්නේ නැහැ කියා. එවැනි ප්‍රශ්නයක් තිබෙනවානම් රජයේ සතොස සහල් ගබඩාවලින් සිල්ලර වෙළෙන්දන්ට සහල් දෙන්න අපිට හැකියාව තිබෙනවා. අපි දැන් පාලන මිලටත් වඩා අඩුවෙන් සහල් විකුණන්නේ. සිල්ලර වෙළෙන්දන්ට අවශ්‍යනම් තොග වශයෙන් තවත් අඩු සාධාරණ මුදලකට දෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඉදිරියේ දී සහල් හිඟයක් ඇතිවීම වළක්වන්නත් හදිසි අවස්ථාවක දී භාවිතයට ගන්නත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක අතිරික්ත තොගයක් පවත්වාගෙන යන්න කැබිනට් මණ්ඩලයෙන් අපිට අනුමැතිය ලැබී තිබෙනවා. මේ නිසා කෘතිම සහල් හිඟයක් පෙන්වා සහල් මිල ඉහළ දාන්න අනාගතයේ කිසිම කෙනෙකුට ඉඩක් ලැබෙන්නේ නැහැ.”

Related posts

எரிபொருள் விலை அதிகரிப்பால் சபையில் பதற்றம்

Mohamed Dilsad

“Country enjoyed many benefits from drug prevention programmes” – President

Mohamed Dilsad

AH-1N-1 ගෙන් ආරක්ෂා වන්න සැළකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment