ප්‍රමුඛ පුවත 1

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්.පුද්ගලයෙකු මරුට

(UTV| කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් තිබේ.

අද උදෑසන 8ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් ‍මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් අතරින් එක් අයෙක් මෙලෙස මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ, වයස 32 ක් වු දිනේෂ් එරංග නැමති, හේනමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නැමති අයෙක් මෙම වෙඩි තැබීම සිදු කල බවට පොලීසිය සැකකරයි.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අද සිට හෙට දක්වා හංවැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද විවාදයට

Mohamed Dilsad

Leave a Comment