ප්‍රමුඛ පුවත 1

පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

(UTV|වව්නියාව) – වව්නියාව – පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, ඔහු 2010 වසරේ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි සමයේ සිදු කර ඇති බව කියන පුද්ගල පහරදීමක් සම්බන්ධයෙනි.

ඊයේ රාත්‍රී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අදාළ පුද්ගලයා කෘර ලෙස වධ හිංසාවට ලක්කර මෙම පහරදීම සිදු කර ඇති බවට අදාළ ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

පහරදීම සම්බන්ධයෙන් මහර අධිකරණයේ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව සන්ධානයක්ද?

Mohamed Dilsad

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කරනවා – සරත් ෆොන්සේකා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment