ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

(UTV| කොළඹ)  – ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ පසුගියදා වයඹ පළාතේ ස්ථාන කිහිපක ඇති වු නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීමට මේ දක්වාත් සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොමැති බව දැනුම් දෙමිනි.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මියගේ අත්සනින් යුතුව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් කර තිබේ.

මෙම ගැටුම් ඇති වු ප්‍රදේශවල ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් සංචාරයක නිරතවී එම ප්‍රදේශ වල තත්ත්වය නිරීක්‍ෂණය කර ඇත.

එහිදී ඔවුන්, ගම්වැසියන්, ප්‍රජානායකයින්, පොලීසිය මෙන්ම යුද හමුදාවේ සාමාජිකයින් ද මුණගැසී සාකච්ඡා කර හෙළිවූ කරුණු මත මෙම ලිපිය යොමු කිරීමට අදහස් කර ඇත.

මෙහිදී හෙළිව ඇත්තේ එදින ප්‍රහාර එල්ල වීමට පැය කිහිපයකට පෙර පොලිස් සහ යුධ හමුදා හදිසි ඇමතුම් අංක වෙත දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් ඊට ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද සඳහන් කර තිබේ.

එම ලිපිය මඟින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වයඹ පළාතේ ඇති වු සිද්ධින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් කියයි

Mohamed Dilsad

කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

Mohamed Dilsad

2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී.

Mohamed Dilsad

Leave a Comment