ව්‍යාපාරික

රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසිය අද

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා මහබැංකුවේදී රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසියක් අද පෙරවරුවේ සිදුකිරීමට ද නියමිතය.

මේ පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් මහබැංකුව වෙත පැමිණ තිබේ.

මෙම කොමිසමේ සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගනකාධිපති කේ. වෙළුපිල්ලේ එක්ව සිටිති.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වනු ඇත.

Related posts

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ව්‍යාපාරික අවස්ථා ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

Mohamed Dilsad

ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment