ප්‍රමුඛ පුවත 1

මෙරට ප්‍රදීපාගරයන් සහිත විශේෂ මුද්දර 04 ක් එළි දැක්වේ

(UTV| කොළඹ) – සයුරු තෙර තරණය කරන සුවහස් යාත්‍රිකයන්ට මඟ කියන සිරිලක සිව්කොන පිහිටි ප්‍රදීපාගාරයන් නිරූපනය කරමින්  විශේෂ මුද්දර 04 ක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කෙරේ.

ඒ කොළඹ ප්‍රදීපාගාරය අසලදී.

එහිදී රු.45.00 වටිනාකමකින් යුත් මුද්දර 04 ක් සහ සිහිවටන පත්රි කා 04 ක් සහ විශේෂ පොතක්ද නිකුත් කිරීම සිදුකෙරුණි.

මුද්දර නිකුත් කිරීම සිදුකෙරුණේ තැපැල් හා විදුලි සංදේශ ගරු අමාත්‍ය සී.බී.රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව නව අමාත්‍යවරයා  නිළ වශයෙන් සහභාගීවූ පළමු මුද්දර නිකුත් කිරීම වේ.

මෙම මුද්දර පෙළ තායිලන්තයේ බැංකොක් නුවර හෙට සිට ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ මුද්දර නිකුත් කිරීමක් ද වේ.

එසේම ද්‍රෝන කැමරා තාක්ෂණයෙන් ඡායාරූපගත කරන ලද මෙරට පළමු මුද්දර පෙළ ලෙසද මෙය මුද්දර ඉතිහාසයට එක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිඩ්නි වලදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

16 දෙනෙකුට මරු කැඳවු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

වතු කම්කරුවන්ට අදත් ඇබැද්දියක්

Mohamed Dilsad

Leave a Comment