ප්‍රමුඛ පුවත 1

නබිතුමන්ගේ ජන්ම දිනය අදයි..

(UTV| කොළඹ) – ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ඡන්ම දිනය අදයි.

මෙය මිලාද් උන් නබි උත්සවය ලෙසද හඳුන්වනු ලබයි.

ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබි තුමා, සුරා කෑමට එරෙහි වූ බවයි.

නබි තුමන් සුරැකි ගුණාංග හා මිනිසත්බව වෙනුවෙන් කළ කැප කිරීම්, එකිනෙකා අතර භේදය හා වෛරය පැතිරුණු මෙකල අප සියල්ලන් විසින් පරමාදර්ශයට ගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

මේ අතර, ශුද්ධ වූ මොහොමඩ් නබි තුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ලොව ඉස්ලාමීය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට සැමදා කොන්දේසි විරහිත සහය ලබාදී ඇති බවයි.

එලෙස ලබාදුන් අන්තර් ජාතික සහයෝගයට කෘත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද නබි තුමාගේ ඡන්ම දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් සමාජයට නබි තුමාගේ ජීවිතයෙන් උගත හැකි පාඩම් රැසක් පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැන්චෙස්ටර්හි ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නෑ

Mohamed Dilsad

සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩි

Mohamed Dilsad

අම්පාර ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment