ප්‍රමුඛ පුවත 1

පාරිභෝගික අයිතිවාසිකම් ගැන ජනතාව හා වෙළෙඳුන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක්

(UTV| කොළඹ) – තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික ජනතාව තම අයිතීන් ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන තිබිය යුතු බවත්, එවිට පාරිභෝගික අයිතිය කඩවන විට, ඒ ගැන විමසීමටත්, ඒ ගැන ක්‍රියාමාර්ග ගැනීමටත් හැකිවන බවත්, එම නිසා පාරිභෝගික අයිතිවාසිකම් ගැන පාරිභෝගික ජනතාව හා වෙළෙඳුන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් ඉදිරි කාලයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

“අප අමාත්‍යාංශය යටතේ පවතින පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රධාන ලෙස සේවාවාන් රැසක්ම ඉටු කරනවා. විශේෂයෙන්ම පාරිභෝගික ජනතාවගේ අයිතීන් ගැන, වගකීම ගැන මෙන්ම පාරිභෝගික නීතිය ගැනත් දැනුවත් කරනු ලබනවා. අප මේ පිළිබඳව ඉදිරි කාලයේදී දීප ව්‍යාප්තව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අධිකාරිය මඟින් වෙළෙඳපොළ වැටලීම් තුළින් වැරදි කරන වෙළෙඳුන් අල්ලා නීතිය මඟින් කටයුතු කිරීමත්, මිල නියාමනය කිරීමත් දැනටමත් සිදු කෙරෙනවා. ඒ වගේම පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ ප්‍රධාන අරමුණු 04 ක් තිබෙනවා. ඒ මඟින් අනතුරුදායක භාණ්ඩ හා සේවාවලින් පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීමත්, වෙළෙදුන්ගේ අසාධාරණ වෙළෙඳ පිළිවෙත් වලින් පාරිභෝගිකයා සුරක්‍ෂිත කිරීමත්, පාරිභෝගිකයා සූරා කෑමෙන් ආරක්‍ෂා කිරීමත් සිදු කරනවා.

මේ ගැන පාරිභෝගික ජනතාව වගේම වෙළෙඳ ව්‍යාපාරික ජනතාවත් දැනුවත් කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ මෙහෙය වීමෙන් දීපව්‍යාප්ත වැඩ පිළිවෙළක් යෙදීමට බලාපොරොත්තු වෙනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අම්පාර සහ පොතුවිල් ජනතාවට උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

දකුණු පළාතේ සියලු පාසල් හෙට වසයි

Mohamed Dilsad

Leave a Comment