ප්‍රමුඛ පුවත 1

අගුණකොලපැලැස්සේ විරෝධතාවය මෙහෙය වූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

(UTV| කොළඹ) – පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමෙන් පසු ඊට එරෙහිව පැවති විරෝධතාවය මෙහෙය වූ බව කියන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ (24) පස්වරුවේ අදාළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.

එම රැදවියන් අතර ජුලම්පිටියේ අමරේ, තංගල්ලේ  මහේෂ් ඇතුළු හෙරොයින් හා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් 08 දෙනකු සිටින බව සඳහන් වේ.

ඔවුන් කළුතර, ගල්ල, මාතර, කුරුවිට සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරු කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි..

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවේ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment