ප්‍රමුඛ පුවත 1

තවත් බන්ධනාගාර තුනකට STF ආරක්‍ෂාව අද සිට

(UTV| කොළඹ) – තවත් බන්ධනාගාර තුනක ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කරයි.

ඒ වැලිකඩ , කොළඹ රිමාන්ඩ් සහ මැගසින්  යන  බන්ධනාගාර වලටය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ එම බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකිරීමට නියමිත බවයි.

බන්ධනාගාර තුළ සිදුවන විවිධ දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට බන්ධනාගාර වල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

එහි පළමු අදියර ලෙස පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර එයට එරෙහිව රැඳවියන් පිරිසක් විරෝධතාවයක ද නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

අධිවේගයේ බරවකුඹුක – හම්බන්තොට කොටස විවෘත වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment