ප්‍රමුඛ පුවත 1

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

(UTV| කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව වන වසරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 22) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, බිත්‍රාන්‍යය, ප්‍රංශය, ඉන්දුනීසියාව, ජාපනය, මියන්මාර්ය, නෙදර්ලන්තය, රුසියාව සහ වියට්නාමය යන රටවල්වල නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපතිතුමා හමුවි විදේශිය නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සහ මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම සහ සාගරික ආරක්ෂාව තහවුරු කරු ගැනීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවන්හි නිරත විය.

මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට ස්තුතිය පුද කිරීමට ද පියවර ගෙන ඇත. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

Leave a Comment