ක්‍රීඩා

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් ෂෙලීන්ඩා

(UTV| කොළඹ) – යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ෂෙලින්ඩා ජැන්සන් පත්ව තිබේ.

ජැන්සන් එම ඉසව්වේ දෙවැනි අදියරේ මූලික වටයේ තරගයේ පළමු ස්ථානයට පත් වුණේ සිය පෞද්ගලික හොඳ ම දක්ෂාතව වාර්තා කරමිනි.

ආර්ජන්ටිනාවේදී පැවති මෙම තරගයේදී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 24 .07 ක කාලයකින් තරගය අවසන් කළේ ය.

ක්‍රීඩා උළලේ තරග කොන්දේසි අනුව අවසන් තරගයක් නොපවැත්වෙන අතර අදියර දෙකකින් මූලික වටයේ තරග පවත්වා, එම තරග දෙකේදී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක වාර්තා කරන කාලයයේ එකතුව ගණනය කරමින් ජයග්‍රහකයා තොරා ගනු ලබයි.

ඒ අනුව පැවැති තරග 2 දී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 49.07 ක කාලයක් වාර්තා කරමින් මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් වූවා ය.

ෂෙලින්ඩා මීටර් 200 පළමු අදියරේ පළමු මූලික වටයේදී තත්පර 25.00 ක කාලයක් වාර්තා කළා ය.

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 බාලික කනිෂ්ඨ ඉසව්වකින් වාර්තා වූ 3 වන හොඳ ම කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වන්නේ ද ෂෙලින්ඩා ජැන්සන් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment