ප්‍රමුඛ පුවත 1

දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්

(UTV| කොළඹ) – මරණ දඬුවම  නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදිය.

මේ අනුව බන්ධනාගාර ප්‍රධානියෙක් විසින් මේ වන විට මෙම පරීක්‍ෂණය ක්‍රියාත්මක කරනු ලබයි.

බන්ධනාගාර ගත කර සිටින ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ට හෝ පිටතින් ආහාර ගෙන ඒම ප්‍රතික්ශේප කර ඇති අතර දුමින්ද සිල්වාට මෙලෙස විශේෂ වරප්‍රසාද ලබාදෙන්නේ කෙසේදැයි සැක මතුව ඇත.

2011 වසරේ ඔක්තෝබර් 08 වන දා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝම්බර් 11 වනදා තහවුරු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තවාදී දේශන සිදුකළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

Mohamed Dilsad

ගිනි පෙට්ටි කර්මාන්තකරුවන්ගේ අර්බුද විසඳන්න ඇමති රිෂාඩ් මැදිහත් වෙයි

Mohamed Dilsad

Leave a Comment