ප්‍රමුඛ පුවත 1

සරසවි සිසුන්ගේ පරිගණක සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – සරසවි සිසුවෙකු ලෙස පෙනී සිටිමින් වීශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ගේ ලැප්ටොප් පරිගණක සොරකම් කළ අපරාධ රැසකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔහු විසින් ලැප්ටොප් පරිගණක 50 කට වැඩි ප්‍රමාණයක් සොරකම් කර ඇති අතර, ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකය.

ඔහු දිවයිනේ ඇති විශ්වවිද්‍යාල 07 කදී පමණ මෙලෙස ලැප්ටොප් සොරකම් කරඇති බවට අනාවරණය වී ඇත.

සැකකරු මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මහරගම ප්‍රදේශයේ රැඳී සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මහර බන්ධනාගාරයේ සිටියදී පළා ආ පුද්ගලයෙකු වන අතර, ඔහුට එරෙහිව දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටද පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.

මේ අනුව තමන්ගේ ලැප්ටොප් පරිගණක අස්ථානගත වී ඇත්නම් වහාම ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙස මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටි.

එම ලැප්ටොප් පරිගණක මේ වනවිට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය භාරයේ තිබෙන අතර, ඒවායේ අනන්‍යතාවය තහවුරු කර ලබාගත හැකි බව පොලිසිය සඳහන් කරයි.

Related posts

ඉන්ධන මිල වෙනස බලන සතියේ

Mohamed Dilsad

අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට විශේෂ පාර්ලිමේන්තු සැසියක්

Mohamed Dilsad

ජනපති හා කථානායක අතර හමුවක් අද (15) පෙරවරුවේ…

Mohamed Dilsad

Leave a Comment