ප්‍රමුඛ පුවත 1

අගමැති නොර්වේ හා එංගලන්ත සංචාරයකට සුදානම්

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්ත සංචාරය සඳහා අද (02) රාත්‍රියේ දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩිදියුණු කිරීම සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා රැසක් සිදුකිරිමට නෝර්වේ රාජ්‍යයේ සිව්දින නිල සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නියමිත බව පැවසේ.

මේ සඳහා අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, විජිත් විජයමුණි සොයියා, රංජිත් සියඹලාපිටිය මහත්වරුද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද සහභාගි වෙති.

නොර්වේ සංචාරයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ තෙදින සංචාරයක නිරත වන බවත්, එංගලන්ත අගමැති තෙරේසා මේ මහත්මියගේ ආරාධනයක් මත ඔහු එම නිල සංචාරයට සහභාගි වේ.

එම සංචාරය නිමකර මේ මස 10 වැනිදා අග්‍රමාත්‍යවරයා යළි දිවයිනට පැමීණෙන බවද අග්‍රමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිත ගොනු කළ මෝසම ඉවත් කර ගනී [VIDEO]

Mohamed Dilsad

අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment