ප්‍රමුඛ පුවත 1

පහළ වායුගෝලයේ කැළඹීමක්

(UTV| කොළඹ) – දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙන්ම ඌව, සබරගමුව, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර,  දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

එමෙන්ම ගිගුරුම් සහිත වැසිත් සමඟ එම ප්‍රදේශවලට ප්‍රබල අකුණු සහිත පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර කෙටි කාලීන තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවීමට සුදානම්

Mohamed Dilsad

එජාප විශේෂ රැස්වීමක් සිරිකොත දී

Mohamed Dilsad

දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment