ප්‍රමුඛ පුවත 1

හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්

UTV | COLOMBO – හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකවරයා අද හෝ හෙට නිසි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ විශේෂ විවාදයක් පැවැත්වීමේ අරමුණින් හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම කතානායකවරයාගෙන් ඊයේ දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවයි.

රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අදාල විවාදය පැවැත්වීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Related posts

මෙරට මරණ දඩුවමට එරෙහි පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

MCC ගිවිසුම ගැන මුදල් ඇමතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

නීති රාමුව තුළ උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් නිලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment