ප්‍රමුඛ පුවත 1

මෙරට මරණ දඩුවමට එරෙහි පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව මාධ්‍යවේදි මාලින්ද සෙනෙවිරත්න මහතා ගොණුකළ අභියාචන පෙත්සම සලකා බැලිමට අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරිමට පියවර ගෙන ඇති බව අප අධිකරණ වාර්තාකරු කියයි.

ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි, ජනක් ද සිල්වා, දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම සලකා බැලෙන බවද පැවසේ.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා ගත් තීරණය වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමීන් මෙම පෙත්සම ගොනු කර තිබේ.

Related posts

නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ රාමදාන් පණිවුඩය

Mohamed Dilsad

ඉන්දීය රිමාන්ඩ් භාරයේ සිටි ලාංකික ධීවරයින් 32කට නිදහස.

Mohamed Dilsad

Leave a Comment