ප්‍රමුඛ පුවත 1

නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – මේ මස 31 වනදා අවසන්වීමට නියමිතව තිබූ පාසල් නිළ ඇඳුම් වවුචර්වල වලංගු කාලසීමාව ලබන වසරේ පෙබරවාරි 28 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම පාසල් නිවාඩුව අවසන්වීමට පෙර නිළ ඇඳුම් වවුචර බෙදා හැරීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි ඔහු එහිදී තවදුරටත් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම පාසල් සිසුන් වෙත ලබාදෙන පෙළ පොත් බෙදා හැරීමේ කටයුතු ද පාසල් නිවාඩුව අවසන් වීමට පෙර අවසන් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ කසල නව ක්‍රමයකින් අරුවක්කාලු වෙත

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට මොහාන් සමරනායක පත් කෙරේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment