ක්‍රීඩා

මහේන්ද්‍ර සිං නොසතුටෙන්

UTV| COLOMBO – ආසියානු කුසලාන තරඟාවලියට අදාලව ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරඟයේදී විනිසුරුවරුන් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි නොසතුට පළ කර තිබෙනවා.

මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ දෙපිළේම ලකුණු සමවීම හේතුවෙන්. මහේන්ද්‍ර සිං දෝණි ප්‍රකාශ කළේ තමන්ට සහ දිනේෂ් කාර්තික් සම්බන්ධයෙන් විනිසුරුවරුන් ලබාදුන් තීන්දු නිවැරදි නොවන බවයි.

කෙසේ වෙතත් විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව ඒ වනවිට අවසන් වී තිබූ නිසා තමන්ට ක්‍රීඩාගාරය වෙත පිවිසීමට සිදු වූ බවයි දෝණි ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය හෙට ඇරඹේ

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් ගැන පුහුණුකරුගේ අදහස

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව දෙවැනි තරගයත් ජය ගනි.

Mohamed Dilsad

Leave a Comment