ප්‍රමුඛ පුවත 1

ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළට

(UTV| කොළඹ)  – ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.

ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළයාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළයාම සැලකිල්ලට ගනිමින් ගෑස් මිල රුපියල් 323කින් වැඩිකරන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුව වෙත යෝජනා කර තිබේ.

එහෙත් ගෑස් මිල රුපියල් 325කින් නොව රුපියල් 195කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව එකඟතාව පළ කළ බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

ජාතික සම්මාන 2019 අදයි

Mohamed Dilsad

පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment