ප්‍රමුඛ පුවත 1

ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතට

(UTV| කොළඹ) – දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු පනවයි.

චීන භාණ්ඩ 5000 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් මෙම නව ආනයන බදු පැනවෙන අතර මෙය ඇමෙරිකාව මෙතෙක් චීනයට එරෙහිව පැනවූ විශාලම බද්ද ලෙස සඳහන් වේ.

ලබන 24 වන දින ක්‍රියාත්මක වීමට නියමිත මෙම බදු 10% සීමාවේ සිට ඇරඹෙන අතර දෙරට මේ පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ලබන වසරේ සිට එය 25% ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

මෙම නව බදු චීනයේ අසාධාරණ වෙ‍ළෙඳ ප්‍රතිපත්තිවලට පිළිතුරක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් චීනය ඊයේ කියා සිටියේ අමෙරිකාව නව බදු පැනවුවහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අම්පාර සහ පොතුවිල් ජනතාවට උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

මොරගහකන්දේ ධීවරයින්ට මිලියන 05 ක් වටිනා ධීවර බෝට්ටු ලබාදෙයි…

Mohamed Dilsad

Leave a Comment