ප්‍රමුඛ පුවත 1

යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුට

(UTVඅනුරාධපුරය) – යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුරාධපුර , පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදීය.

පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.0‍0ට පමණ අනතුර සිදුව ඇති බවය පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, තඹුත්තේගම සහ අනුරාධපුර පොලීසිවලට අනුයක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.

28 හා 32 හැවිරිදි ඔවුන් දෙදෙනා අඹන්පොළ සහ ඇල්පිටිය පදිංචිකරුවන්ය.

අනතුර සම්බන්ධයෙන් සැකපිට කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති තැබූ ටිව්ටර් පණිවිඩය.

Mohamed Dilsad

රජයේ ආයතනවල වියදම් අවම කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් වේ

Mohamed Dilsad

Leave a Comment