ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ.

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ මඟපෙන්වීම අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

විසිතුරු මත්ස්‍ය වගාවේ,විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ,විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදකයින්, ජලජ පැලැටි වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියළු පාර්ශව නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය පත් කර තිබේ.

ඒ අනුව විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට බලපාන සහ කර්මාන්තයේ නිරත පිරිස් වලට බලපාන ගැටළු සාකච්ජා කර එම ගැටළු සදහා ඔවුන් විසින්ම විසදුම් යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇත.

එම කාර්ය සාදක බලකාය ඉදිරිපත්කරන ගැටළු සහ විසදුම් යෝජනා පිළිබද සළකා බලා අවශ්‍ය විසදුම් වෙනුවෙන් කටයුතු කිරීමට උපදේශක මණ්ඩලයක් ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් පරිදි පත්කර තිබේ.

එම උපදේශක මණ්ඩලයට අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන්, සාමාජිකයින් පත් කර ඇති අතර,ඊට අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂක තාක්‍ෂණ මොන්ටි රණතුංග මහතා , ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්, ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජෙනරාල්, ජාතික ධිවර මහා සම්මේලනයේ නියෝජිතයෙක් ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා පිළිබඳ ජනාධිපති කොමීසමේ කාලය දිර්ඝ කෙරේ..

Mohamed Dilsad

ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කරයි…

Mohamed Dilsad

මෙරට පිරිසකගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස අතර ද බෙදී යා යුතු බව ජනපති පවසයි

Mohamed Dilsad

Leave a Comment