ප්‍රමුඛ පුවත 1

මෙරට පිරිසකගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස අතර ද බෙදී යා යුතු බව ජනපති පවසයි

(උදයම්,කොළඹ)  – දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීම සඳහා වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04)  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

විදෙස් රටවලින් ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය හා සෙසු භාණ්ඩ  පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදුකර සුදුසු දේ පමණක් රටට ගෙන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කරගැනීමේ වැඩපිළිවෙලේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරෙන අතර 2020 වසර වන විට ගම් 15,000ක ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම මෙමගින් අපේක්ෂිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ඇති හැකි පිරිසකගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස අතර ද බෙදී යා යුතු බවය.

රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව, මධ්‍යම පාන්තිකයින් බව තම විශ්වාසය බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන සරත් අරමුණුගම, එස්.බී. දිසානායක, සජිත් ප්‍රේමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ලෝක බැංකුවේ නියෝජිතයින් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ජනලේඛන හා සංඛ්‍යාලේඛන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය වෙයි.

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

Mohamed Dilsad

තැපැල් සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment