ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණයක් ගන්න ජනපති සුදානම්

(UTV|කතරගම) –  ඉදිරියටත් ඉන්ධන මිලසූත්‍රය පවත්වාගෙන යනවාද, එය සංශෝධනය කරනවාද යන්න ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අය වැය මගින් තීරණය කරනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (14) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන්  හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

රටේ ආරක්ෂක තත්වයේ කිසිදු ගැටළුවක් නැතැයි පැවසු ජනාධිපතිවරයා උතුරේ හමුදා කදවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනාවලටද  ප‍්‍රතිචාර දැක්වීය.

යුද්ධයකදි තාවකාලික හමුදා කදවුරු ඇති කිරීම සාමාන්‍ය දෙයක් බවත් යුද්ධයෙන් පසු ඒවා ප‍්‍රතිසංවිධාන කිරීම පමණක් සිදුවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඊයේ රැස්වූ විශේෂ කැබිනට් රැස්වීම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා පසුගිය කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ට නඩු පැවරීමක් සිදුව නොමැති බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද තමන් කරුණු පෙන්වා දුන් බවත් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරයා පැවසීය.

ලබන සතියේ තමන් එක්සත් ජාතීන්ගේ නව මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවීමට නියමිත බවද ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

අලුත්ගම කන්දෙ විහාරාධිපති හිමියන් අපවත් වෙයි…

Mohamed Dilsad

රජයේ රෝහලක ඇරඹු පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව

Mohamed Dilsad

Leave a Comment