ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

එම කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වී ය.

තරඟාවලියේ දී කැපී පෙනන දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳව ද මෙහිදී කී‍්‍රඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

එමෙන්ම එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා, කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මේ අතර 2018 කැරම් ලෝක ශූරතාවලිය හිමිකරගත් ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා අනුශූරතාවය හිමිකරගත් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු විය.

ඔවුන්ගේ ද දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සියලුදෙනා වෙත සිය සුභාශීංසන පිළිගැන් වූ අතර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රක්ෂිත බන්ධනාගරගතව සිටි වෛද්‍ය ශාෆි ෂියාබ්දීන් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

UTV iphone App එක ළඟදීම

Mohamed Dilsad

Leave a Comment