ප්‍රමුඛ පුවත 1

ඡන්ද හිමි නාමලේඛනයේ සංශෝධන සදහා තිබූ කාලය අදින් අවසන්

(UTV| කොළඹ) – ඡන්ද හිමි නාමලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය අදින් (06) අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද (06) දිනය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ගොස් ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි අතර ඉන්පසු 2018 වර්ෂය සඳහා කිසිදු සංශෝධනයක් භාර නොගන්නා බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට (07) දිනයේ සිට ඉදිරිපත් වී ඇති අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් මස පළමු සති 02 ඇතුළත 2018 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට පියවර ගනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල් ළමුන් අටදෙනෙකු ප්‍රවාහනක කල ත්‍රිරෝද රථයක් අනතුරට

Mohamed Dilsad

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…

Mohamed Dilsad

Leave a Comment